පොම්පේඕ බටහිර ඉවුරේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ (20) ඊශ්‍රායල පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ පලස්තීන ප්‍රදේශයට පැමිණියේය.

ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරියකු බටහිර ඉවුරේ පලස්තීන පාලන ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. බටහිර ඉවුරේ ‘සගොට්’ පළාතේ ඊශ්‍රායලය ඉදිකරන යුදෙව් නිවාස සංකීර්ණ නැරඹීමට යෑමට ද පොම්පේඕ අමතක නොකළේය.

මෙම සංචාරය සම්බන්ධයෙන් පලස්තීනුවන් දැඩි විරෝධයක් දක්වා ඇත. ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් ‘මැදපෙරදිග’ අර්බුදයට සාමකාමී ද්වී රාජ්‍ය විසඳුමක් ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය සමත් වූයේ නැත. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහාය දැක්වූයේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලයත් පලස්තීනයත් අයිතිවාසිකම් කියන ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ද ට්‍රම්ප් පියවර ගත්තේය. මෙය පලස්තීනුවන් කුපිත කිරීමට සමත් විය.

රාමල්ලා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS