පොදු සමාකාලය බොරුවක් වෙයි



කුවේටයේ වීසා නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන්ට පොදු සමාවක් යනුවෙන් වැරදි ප්‍රවෘත්තියක් පැතිර යයි.

වීසා නීතිරීති උල්ලංඝනය කරමින් කුවේටයේ නීති විරෝධි ආකාරයෙන් රැඳී සිටින පුද්ගලයින්ට 2019 ජනවාරි 29දින සිට පෙබරවාරි 24 දක්වා පොදු සමා කාලයක් ලබාදෙන බවට ප්‍රවෘත්තිය මඟින් ප්‍රචාරය කර ඇත.

අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජ ජාල වෙබ් අඩවි මඟින් වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර ඇති බව ය.

2018 ජනවාරි 29දින සිට පෙබරවාරි 22 දක්වා පොදු සමාකාලයක් ලබාදීමට කටයුතු කළ බවත් අදාල කාලය තුල නීතිවිරෝධි ආකාරයෙන් කුවේටයේ රැඳී සිටි පුද්ගලයන් සිය නීත්‍යානුකූලභාවය ලබාගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS