පොත් තහනම් කරලා නැහැලු



ඕමාන් සුල්තාන් කබුස් බින් සෙයිඩ්ගේ දේශන ඇතුලත් පොත් ඩුබායි අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේ තැබීම සංවිධායකයන් තහනම් කර ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඕමාන් තොරතුරු අමාත්‍යාංශයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කොට ඇති බව වාර්තා වේ. 

ඕමාන් නායකයා පවත්වන ලද දේශන ඇතුලත් පොත් රචනා කර ඇත්තේ ආචාර්ය සකරියා අල්-මරාමිය.

යම් තොරතුරුක් දැනගැනීමට අවශ්‍ය නම් අමාත්‍යාංශයට අයත් දුරකථන අංකවලට ඇමතුමක් ලබාදෙන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS