පොඩ්ඩෝ දෙන්නෙක් සොරකම් කරලා



කුවේටයේ සොරුන් කණ්ඩායමක් ඩිනාර් 400,000ක් වටිනා ස්වර්ණාභරණ නිවෙස්වලින් සොරකම් කර ඇති බව වාර්තා වේ.

සොරකම සඳහා සිරියානු බාලවයස්කාර දරුවන් දෙදෙනෙක් සම්බන්ධ බවත් දරුවන් දෙදෙනා ඩිනාර් 90,000ක ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශය කළේය.

අල්-රවුධා, යාමුක් සහ කොඩොබා නගරවල නිවෙස්වල තිබුස්වර්ණාභරණවලට අමතරව මුදල් සහ වටිනා භාණ්ඩ රැසක්ද සොරකම් කර ඇත.

සොරකම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS