පෙරුගුවේට තුර්කියේ සහාය



ඇමෙරිකාවට සහාය පළ කරමින් ජෙරුසලමට ගෙන ගිය පෙරුගුවේ තානාපති කාර්යාලය යළි ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට මාරු කිරීම ප්‍රසංශනීය යැයි තුර්කිය කියයි.

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පෙරුගුවේ රාජ්‍යයට තම සහාය නොඅඩුව ලැබෙන බව ද තුර්කිය පවසා ඇති අතර, පෙරුගුවේ රාජ්‍යයේ තුර්කි තානාපති කාර්යාලයක් විවෘත කිරීමට ද තුර්කියේ අවදානය යොමු වී ඇත.

මේ බව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කළේ පෙරුගුවේ විදේශ ඇමැති ලුයිස් ඇල්බර්ටෝය.

ජෙරුසමට ගෙන ගිය පෙරුගුවේ තානාපති කාර්යාලය යළි ටෙල් අවීව් වෙත ගෙන යෑමට කටයුතු කළේ පෙරුගුවේ නව ජනාධිපති මාරියෝ අබ්ඩෝය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS