පෙනෙන තෙක් මානයක විසඳුමක් නෑ



කටාර් අර්බුදයට පෙනෙන තෙක් මානයේ විසඳුමක් නැති බව බහරේන් රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති ෂෙයික් කලීඞ් බින් අහ්මද් අල් කලීෆා කියයි.

විදේශ ඇමැති ෂෙයික් කලීඞ් බින් අහ්මද් අල් කලීෆා මේ බව කියා සිටියේ ලන්ඩනයේ සිට මුද්‍රණය කෙරෙන සෞදියේ ‘අෂාර්ක් අල් අවාස්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කටාර් රාජ්‍යය සමඟ පවතින අර්බුදයට බහරේනය ද එක් වී සිටී. ඒ සෞදියට, ඊජිප්තුවට සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සහාය දක්වමින්, ඔවුන් සමඟ අත්වැල් බැඳ ගනිමිනි.

කටාරය ‘හුදෙකලා’ කරමින් සම්බාධක පනවා මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගත වී ඇත. සම්බාධක පැනැවීම සිදුවූයේ පසුගිය වසරේ ජූනි මාසයේය. ඒ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා නගමිණි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS