පෙති විශාල තොගයක් අල්ලයි



ජෝර්දානයේ සිට සෞදි අරාබියට රැගෙන යෑමට උත්සහ කළ ඇම්ෆෙටමින් පෙති විශාල තොගයක් අවස්ථාවන් දෙකකදි අත්අඩංගුවට ගෙන ඇත.

අල්-හුඩයිටා දේශසීමා මුරපොල හරහා සෞදි අරාබියට යෑමට පැමිණි මෝටර් රථයක් පරීක්‍ෂා කළ රේගු නිලධාරීන්ආසනවල සහ අමතර රෝදයක සඟවා තිබූ කැප්ටන් පෙති මිලියන 2.5 ක් සොයා ගෙන ඇත.

බිරිඳ සහ දරුවන්ද මෝටර් රථයෙන් පැමිණ ඇති අතර පොලීසිය ඔවුන් ද අත්අඩංගුවට ගෙන ඇත.

ගිනි නිවන උපකරණයක් තුළ ඇම්ෆෙටමින් පෙති 26,000 ක් රැගෙන යෑමට උත්සාහ කළ තවත් රියදුරෙක් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS