පුවත්පත් සඟරා 17 අත්හිටුවයි



කුවේටයේ පුවත්පත් සහ සඟරා දාහතක බලපත්‍ර අත්හිටුවීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

සඟරා හතරක බලපත්‍ර අත්හිටුවීමට පුවත්පත් සහ ප්‍රකාශන සහකාර උප-ලේකම් නියෝග කර ඇති අතර පුවත්පත් දහතුනකබලපත්‍ර අත්හිටුවීමට තොරතුරු අමාත්‍යාංශ නියෝග කර ඇත.

කිසිදු සාධාරණ හේතුවකින් තොරව පුවත්පත් සහ සඟරා මාස හයකට වැඩි කාලයකසිට බලපත්‍ර අත්හිටුවීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

බලපත්‍ර අත්හිටුවා ඇති පුවත්පත් දහතුන වන්නේ, අල් යකතා, අල් මජාලිස්, වසීත් අල් ජහ්රා, යුවර් ඇඩ්ස්, ඉම්ටියාස්, නොජූම්, උම්මාති, අරාබි, ජෆිනා, රූමුස්, කලාම්, බුර්කාබ් සහ සෆාකාත්.සඟරා හතර වන්නේ, දලාල්, කුවේට් ඔටෝ, සැවාලෙෆ් සහ ඔස්ටුරා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS