පුර්ව පිවිසුම් වීසා ඕනේ නෑ



එක්සත් අරාබි එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පුර්ව පිවිසුම් වීසා ලබාගැනීමකින් තොරව උස්බෙකිස්ථානයට පැමිණීමට අවසර ලබා දී ඇත.

2019 මාර්තු 20 දින සිට එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට අදාල අවසරය හිමි වන අතර උපරිම දින තිහක (30) කාලයක් උස්බෙකිස්ථානයේ රැඳී සිටිමට හැකියාව ලැබෙයි.

උස්බෙකිස්ථාන් රජය සමඟ එමිරේට්ස් රජය සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස පුර්ව වීසා ලබාගැනීමකින් තොරව පැමිණීමට අවසරය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජිතඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS