පුපුරණ ද්‍රව්‍ය පිරවු යානයක්



යේමනයේ රතු මුහුද ආසන්නයේ පිහිටා ඇති සෞදි අරාබියේ සහය ලබන අරාබි සභාග හමුදාවන් රැඳි සිටින හමුදාමය වශයෙන් වැදගත් හමුඳා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් අධි-බලැති පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද කුඩා ප්‍රමාණයේ ගුවන්යානයක් ඉරානයෙන් එවා ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන් හමුදාවට අයත් ප්‍රති-ගුවන්යානා මිසයිල් පද්ධතිය මඟින් ගුවන්යානය විනාශ කර දමා ඇති බව වාර්තා වේ.

ගුවන්යානය තුල විශාල ප්‍රමාණයක පුපුරණ ද්‍රව්‍ය අඩංගු කර තිබු බවට ප්‍රහාරයෙන් පසුව පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන් සිදු කළ පරීක්ෂණවලදි අනාවරණය කරගෙන ඇත.

මෙවැනි ප්‍රහාර තුලින් යේමන හමුදාවට පමණක් නොව සාමාන්‍ය ජනතාවද පීඩාවට පත් වන බවත් රතු මුහුද ආශ්‍රිතව සිදුවන නාවික කටයුතුවලට සහ සාමාන්‍ය ජනතාවගේ යටිතල පහසුකම්වලටද බලපෑමක් එල්ල වන බව අරාබි සභාග හමුදාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව එමිරේට්ස් මාධ්‍යය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS