පුදුමයට පත්කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උසස් පාසලක සිසුවියන් තිදෙනෙක් 2017-2018 අධ්‍යයන වර්ෂයේ ඉහළම ලකුණු ලබාගෙන ඇති අතර ඔවුන්වපුදුමයට පත් කිරීමට ඩුබායි පාලකයා දුරකථනයෙන් කථාකරඇති බව කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේය. 

“මම ‍ගොඩක් සතුටු වෙනවා දරුවන් තිදෙනාගේ ජයග්‍රහණය සමරන්න, ආණ්ඩුවේ ප්‍රමුඛත්වය සැමවිටම අධ්‍යාපනයටයි, ජාතියේ අභිවෘද්ධිය අධයාපනය සහ විද්‍යාවයි.’’ යනුවෙන් ඩුබායි පාලකයා ප්‍රකාශ කර ඇත.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ක්‍රියාත්මක කළ මුලෝපායික වශයෙන් වැදගත් දිගුකාලීන ක්‍රියාමාර්ග තුලින් පසුගිය දසකය තුල විශාල දියුණුවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්පත් කරගැනීමට හැකි වී ඇත‍.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS