පුද්ගලයන් 68,888කට පිටවීම තහනම්



කුවේටයෙන් පිටවීම පුද්ගලයන් හැට අටදහස් අටසිය අසූ අට දෙනෙක්ට තහනම් කර ඇති බව වාර්තා වේ.

2019 වසරේ මුල් මාස දහය ඇතුලතදී අදාල තහනම පැනවීමට කටයුතු කළ බවත්, එම පිරිසට කුවේට් ජාතිකයන් සහ විදේශ ශ්‍රමිකයන් අයත් වන බව කුවේට් අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර, නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරිමෙන් පසු, පුද්ගලයන් 36,114කට පනවා තිබු තහනම ඉවත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS