පුද්ගලයන් 200කගේ සමුහ මිනී වළක් මොසූල් නගරයෙන් හමුවේ



පුද්ගලයන් 200ක් මරා වළදමා ඇති සමූහ මිනීවලක් ඉකුත් සදුදා දින මොසූල් නගරයේ හම්මාම් අල්-අලීල් ප්‍රදේශයෙන් හමුවී ඇත.

අයි.එස්.ත්‍රස්තවාදින් විසින් මෙම පුද්ගලයින් 200දෙනා මරාදමා ඇති බවට විශ්වාස කෙරෙ.

මෙම මළසිරුරු එක උඩ එක ගොඩගසා තබා ඇත.‍

අයාලයේ යන බල්ලන් විසින්  මළසිරුරු එහා මෙහා ඇදගෙන යන අන්දම  අංශ විසින් දැක ඇති බවත් ඉන්පසුව ඒ ගැන සොයා බැලීමේදී මෙම සමූහ මිනී වළ හමුවී ඇති බවත් වෙබ් අඩවියක සඳහන්වී තිබුණි. එම සමුහ මිනිවළ විවෘත කළ පසුව 200 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇත.

පසුව ආකරෂක අංශ නිළධාරින් එම ස්ථානයට ගොස් එම බල්ලන් පන්නා දමා ඇති බව ඉරාක පුවත් වෙබ් අඩවියේ ස්කයි ආරක්ෂක මාධ්ය උපුටා දක්වමින් පැවසීය.

යුද්ධය සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන රජයේ නිළධාරීන් කණ්ඩායමක්ද මෙම ස්ථානට පසුගිය ඉරිදා දින පැමිණ ඇත. 

පසුගිය මාසයේදිද මෙවැනිම සමූහ මිනීවළක් මෙම ප්‍රදේශයෙන්ම හමුවී ඇත.

එහිදීද මරා දමන ලද පුද්ගලයන්ගේ  මළසිරුරු 100 පමණ තිබී හමුවී ඇත. 

 

(ඉරාකි නිවුස් ඇසුරෙනි ) ජානක ප්‍රියදර්ශන ජයතිලක

 
 

RECOMMEND POSTS