පුතෙක් පොලීසියට පහර දෙයි



කුවේට් රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගේ පුතෙක් අධික වේගයකින් මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් අබුඩාබි පොලීසිය අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වේ.

මෝටර් රථයේ අංක තහඩුනොතිබු බවත් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනවලින් බැන වැදී තර්ජනය කර පහර දී ඇති බවත් මෝටර් රථය ධාවනය කර ඇත්තේ මත්පැන් පානය කර බව පොලීසිය ප්‍රකාශ කළේය.

නීතිමය කටයුතු සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට කටයුතු කළ බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS