පුටින් හමුවී කතා කරනවා



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන් අදහස් කරන බව සිරියානු අර්බුදයේ දී, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

සිරියාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද තමන් රුසියානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වන බව ද ඊශ්‍රායල අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටී.

සිරියානු අර්බුදයේ දී රුසියාව සහාය දක්වන්නේ, සිරියානු රජයට සහ එරට හමුදාවටය. ඊශ්‍රායලය සිරියානු රජයට විරෝධය පළ කරන පාර්ශ්වය සමඟ එක් වී සිටී. ඒ, ඇමෙරිකාවට පක්ෂපාතී වෙමිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS