පුටින් මැදපෙරදිග සංචාරයක



මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊජිප්තුවේ කයිරෝ නුවරත් තුර්කියේ ඉස්තාන්බුල් නුවරත් සංචාරයකින් පසු ඊයේ (12) සිරියාවේ මෙයිනිම් හමුදා කඳවුරේ සංචාරයකට පැමිණියේය.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජයට සහ එරට හමුදාවට හැකියාව ලැබී ඇත. ඒ, රුසියාවෙන් ලැබුණු සහාය නිසාය. රුසියානු ජනපතිගේ අණ පරිදි, රුසියානු හමුදා සෙබළු සිරියාවට පැමිණ සිටිති.

මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඊජිප්තුවේ කයිරෝ නුවරත් තුර්කියේ ඉස්තාන්බුල් නුවරත් සංචාරයකින් පසු සිරියාවේ මෙයිනිම් හමුදා කඳවුරේ සංචාරයකට පැමිණියේය.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජයට සහ එරට හමුදාවට හැකියාව ලැබී ඇත. ඒ, රුසියාවෙන් ලැබුණු සහාය නිසාය. රුසියානු ජනපතිගේ අණ පරිදි, රුසියානු හමුදා සෙබළු සිරියාවට පැමිණ සිටිති.

සටන් අවසන් වීමත් සමඟ එම සෙබළුන් ආපසු රුසියාවට ගෙන්වා ගන්නා බව පුටින් මෙයිනිම් හමුදා කඳවුරේ සිට නිවේදනය කළේය. ඒ අනුව, හමුදා ඉවත් වීම ආරම්භ විය. සිරියානු රජයට සහාය දක්වමින්, රුසියාව පළමු වරට සිරියානු සිවිල් යුද්ධයට මැදිහත් වූයේ 2015 වසරේදීය.

රුසියන් ජනපති පුටින් උණුසුම් අයුරින් පිළිගැනීමට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කටයුතු කළේය. සිරියාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් එරට ආරක්ෂක ප්‍රධානීන් අතරේ පැවැති සාකච්ඡා සඳහා පුටින් සහ අසාද් සහභාගී වූහ.

රුසියානු ජනපති නොසිටින්න, සිරියාව අද තවත් ලිබියාවක් වීමට ඉඩ තිබෙනවා යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පවසා ඇත. සිරියාව බේරා ගැනීමට මැදිහත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති අසාද් රුසියානු ජනපතිවරයාට ස්තුති කර ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS