පිළිම කඩය වසයි



කුවේටයේ හවාලි නගරයේ වෙළඳ ආයතනයක පිළිම සහ විවිධ පුද්ගලයන්ගේ අනුරූ විකිණිමට තබා තිබු අතර සමාජ ජාල පරිශිලකයන්ගෙන් එල්ල වු විරෝධය හේතුවෙන් අදාල වෙළඳ ආයතනය වසා දැමීමට හවාලි නගර සභාව පියවර ගෙන ඇත.

ඉස්ලාමීය නීතිරීතිවලට අනුව පිළිම සහ අනුරූ විකිණීම හරම් බව පවසමින් හවාලි නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් සිය නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇති බව වාර්තා වේ.

වෙළඳසැල් තුල පිළිම විකිණිම තහනම් කරන ලෙස ඉස්ලාමීය පුජකවරයෙක්ද ඉල්ලා ඇත.

වෙළඳසැල තුල තිබෙන පිළිම ඉවත් කරන ආකාර දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS