පිළිකා සම්මේලනය ඕමානයේ



ඕමානයේ මස්කට් නුවරදි2020 ලෝක පිළිකා සම්මේලනය පැවැත්වෙන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

2018 ඔක්තෝබර් 01 දින සිට 04 දක්වා මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවරදී පැවැත් වු2018 ලෝක පිළිකා සම්මේලනයට ඕමාන් පිළිකා සංගමය සහභාගි විය.

2020 ලෝක පිළිකා සම්මේලනය 2020 ඔක්තෝබර් 19දින සිට 22 දින දක්වා ඕමාන් ප්‍රදර්ශනහා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වීමට සැළසුම් කර ඇත.

ලෝක පිළිකා සම්මේලනය ගල්ෆ් කලාපයේ රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වන අතර රටවල් 150කට වැඩි සංඛ්‍යාවකින් පිළිකා විශේෂඥයින් 4,000කට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ඕමාන් පිළිකා සංගමය අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS