පිවිසුම් පාලමේ විශාල තදබදයක්



සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය සම්බන්ධ කරන ෆහඩ් රජු පිවිසුම් පාලමේ විශාල වාහන තදබදයක් ඇති වී තිබු බව වාර්තා වේ.

සමාජ ජාල පරිශිලකයන් බහරේන් රාජ්‍යය දෙසට ඇති දිගු වාහන පෝලිම් ඡායාරූප සහ වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කිරීමට කටයුතු කර ඇත.

වාහන තදබදය අඩු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර දෙරටේ බලධාරීන් ගෙන තිබු බව අල්-මාර්ස්ඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

2020 නව වසර පිළිගැනීම සඳහා බහරේන් රාජ්‍යයට කොපමණ වාහන සහ සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණියේද යන්න සංඛ්‍යා දත්ත නිකුත් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS