පිවිසුම් පාලමෙන් වාර්තාවක්



ෆහඩ් රජු පිවිසුම් පාලමෙන් වැඩිම පිරිසක් ගමන් කර වාර්තාවක් තබා ඇති බව වාර්තා වේ.

සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය සම්බන්ධ කරමින් 1986 වර්ෂයේදි පිවිසුම් පාලම විවෘත කිරීමෙන් පසු 2020 ජනවාරි මාසයේ 3,095,963 ගමන් කර ඇති අතර මෙතෙක් ගමන් කළ වැඩිම පිරිස වේ.

2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2020 ජානවාරි මාසයේ පිවිසුම් පාළම හරහා ගමන් කළ සමස්ත මගීන් සංඛ්‍යාව සියයට 22.2 කින් වැඩි වී ඇති බව ෆහඩ් රජු පිවිසුම් පාලම් අධිකාරිය පැවසීය.

ජනවාරි මාසයේ පිවිසුම් පාලම හරහා දිනකට මගීන් 99,870 ක් ගමන් කර ඇති බව ෆහඩ් රජු පිවිසුම් පාලම් අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS