පිලිපීන තානාපති ආපසු කැඳවයි



කුවේට් රාජ්‍යයට ශ්‍රමිකයින් යැවීම අත්හිටුවමින් පිලිපීන ජනාධිපතිවරයා ගත් තීරණයත් සමඟ පිලිපීනයේ සිටින කුවේට් තානාපති ආපසු කැඳවීමට කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පිලිපීන රාජ්‍යතාන්ත්‍රිකයින් හමු වී ජනාධිපතිවරයා ගනු ලැබු තීරණය සම්බන්ධයෙන් සිය කණගාටුව තානාපති කටයුතු පිළිබඳ කුවේට් සහකාර විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

දැනය කුවේට් රාජ්‍යය තුල පිලිපීන ජාතිකයින් 276,000ක් සේවයේ යෙදි සිටින බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS