පිලිපීන ජනපති බහරේනයේ



පිලිපීනය හා බහරේන අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් පිලිපීන  ජනාධිපති  රොඩ්‍රිගෝ ඩුටරෙට් ඉකුත් සති අන්තයේදී  බහරේනයේ මනමා අගනුවරට පැමිණියේය.

පිලිපීන ජනපතිවරයාගේ ප්‍රථම බහරේන සංචාරය මෙය වන අතර ඔහු ඇතුළු දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් බහරේන රජු වන හමාද් බින් රයිසා අල් කලීෆා විසින්  රජතුමන්ගේ නිල මාළිගයේ රාජ්‍ය උත්තමාචාර සහිත නිල උත්සවයක් ද පැවැත්වීය.

ජනපති ඩුටරෙට් ගේ මෙම සංචාරයේදී දෙරට ද්විපාර්ශීය සබඳතා ඇති කර ගැනීම වෙනුවෙන් අතර ඒකබද්ධ කමිටු සැසිවාරයක් පැවැත්වීමටත් ,දෙරට අතර සංස්කෘතිය හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහයෝගීතාවයද ඇති වී ඇත.

එසේම බහරේනයේ විවිධ රැකියාවන්හි නියුතු පිලිපීන වැසියන් 60,000ක්  වෙනුවෙන් ගත යුතු සුබසාධන කටයුතු සම්බන්ධයෙන්ද පිලිපීන ජනපති හා බහරේන් ජනපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇත.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS