පිපිරීමක් සිදුවුනේ නෑ
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පිහිටා ඇති ෆුජයිරා වරායේ විශාල පිපිරීමක් ඉරිදා (මැයි 12) උදෑසන සිදු වී ඇති බවට ප්‍රවෘත්තියක් පළ වී ඇති බව වාර්තා වේ.
පිපිරීමෙන් පසු විශාල ගිනි ජාලාවන් වරාය තුල දක්නට ලැබුණු බව එම ප්‍රවෘත්තියේ සඳහන් කර ඇත.
එවැනි කිසිදු පිපිරීමක් සිදු වී නොමැති බවත් සියළුම වැඩකටයුතු සුපුරුදු පරිදි වරාය තුල සිදුවන බව ෆුජයිරා වරායේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)