පිටවීමේ බලපත්‍ර ක්‍රමවේදය අහෝසි කෙරේ



කටාරයේ දැනට ක්‍රියාත්මක වන පිටවීමේ බලපත්‍ර ක්‍රමවේදය අහෝසි කිරීමට එරට රජය සැරසෙයි.

දැනට කටාරය තුළ ක්‍රියාත්මක වෙන පිටවීමේ බලපත්‍ර ක්‍රමවේදය යටතේ රටින් පිටවී යාම සඳහා අදාල ශ්‍රමිකයන්  සේවායෝජකයින්ගෙන් අවසරය ලබා ගත යුතුය.

 නව තීරණයත් සමඟ පිටවීමේ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරි සති දෙකක කාලයක් ඇතුළත එකඟතාවයකට පිවීසීමට කටාර් රාජ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ෂරන් බරෝවු ප්‍රකාශ කර ඇත්තේ ඉදිරිසති දෙක ඇතුළත මෙම පිටවීමේ බලපත්‍ර ක්‍රමවේදය පිළිබඳව අවසන් තිරණයකට එළැබෙනු ඇති බවයි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS