පිටවී යන්න ත්‍රස්තයන්ට ඉඩ



හිස්බුල්ලා සංවිධානය සහ ත්‍රස්තවාදීන් අතර ඇති කරගත් සාම ගිවිසුමට අනුව, ලෙබනනයේ අස්රාල් කඳුකර ප්‍රදේශවල සිටි සටන්කාමීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 7,800 දෙනකුට ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත් වීමට අවස්ථාව ලැබුණි.

ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ෆ්ලිටා නමැති සිරියාවේ නගරය බලා ගිය බවත්, ලෙබනන් රජය ඔවුන් වෙනුවෙන් සුඛෝපබෝගී බස් රථ යෙදවුණු බවත් වාර්තා වේ.

සියල්ල සිදුවූයේ ලෙබනන් හමුදාවේත් සෙසු ආරක්ෂක නිලධාරීන්ගේත් දැඩි අධීක්ෂණය යටතේ යැයි ද වාර්තා වේ. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මැදහත්කරුවකු ලෙස කටයුතු කළේය.

හිස්බුල්ලා සංවිධානය සමඟ මෙසේ සාම ගිවිසුමකට එකඟ වී සිටින්නේ ජබාත් ෆාටා අල් ෂාම් තක්ෆීරි නමැති ත්‍රස්ත සංවිධානයයි.

මොවුන් සිරියානු අර්බුදය නිර්මාණය වුණු අවස්ථාවේදී අවි ගෙන සටන් වැදුණේ ‘අල් නුස්රා පෙරමුණ’ යන නමිනි. මොවුන් අල් කයිඩා සංවිධානයට අයත් කල්ලියක් බව පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS