පැළ මිලියන 2.5ක් නිපදවලා



2017-2018 කාලය තුල කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පැළ තවාන් තුල පැළ මිලියන 2.5ක් නිෂ්පාදනය කර ඇති බව සිරියානු කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේය.

නිෂ්පාදනය කරන ලද පැළ රටේ අවශ්‍යතාවයට සහ පසුගිය වසර කීපයේදී ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත් වනාත්තර ආශ්‍රිතව අක්කර 19,000කට වඩා වැඩි ප්‍රදේශයක වන රෝපනය සඳහා යොදාගන්නා බව සිරියානු වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ, වජී කුරී ප්‍රකාශ කළේය.

සිරියාවේ පවතින ඕනෑම පරිසර තත්ත්වයන්ට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද පැළ වර්ග 40කට වඩා වැඩි ප්‍රමාණයක් පැළ තවාන් තුල තිබෙන බවත් සහනදායි මිලකට පැළ ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2017 වර්ෂය තුල ඇති වු ලැව්ගිනි 370ක් හේතුවෙන් වනාන්තර හෙක්ටයාර 580ක් විනාශ වී ඇති අතර කෘෂිකාර්මික බිම් ආශ්‍රිතව ගිනිගැනීම් 1500ක් මේ වනවිට වාර්තා වී ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ත ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS