පැහැරගත් ඉන්දිය පියතුමා නිදහස්



නාඳුනන තුවක්කුකරුවන් විසින් 2016 වසරේ යේමනයේදි පැහැරගනු ලැබු ටෙම් උෂුනාලිල් නැමති ඉන්දියානු පියතුමා පසුගියදා නිදහස් කර ඇති බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

නාඳුනනතුවක්කුකරුවන්හතරදෙනෙකුපැමිණ යේමන්යේදකුණු දිගවරායනගරයවනඇඩන් හි ටෙම් උෂුනාලිල් පියතුමා රැදී සිටිරැකවරණමධ්‍යස්ථානයට පහරදී එහි සිටි ඉන්දීයජාතිකකන්‍යාසොහොයුරියන්සිව්දෙනෙක්, කාර්ය මණ්ඩලයේ යේමන සේවිකාවන් දෙදෙනෙක්, රැකවරණ මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි වැඩිහිටියන් අට දෙනෙක් සහ ආරක්ෂක නියාමකවරයෙකු ඝාතනය කර පියතුමා පැහැරගෙන ගිය බව  ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.  

ඕමාන බලධාරීන් යේමනයේ රැදී සිටින කණ්ඩායම් සමඟ සම්බන්ධතාවයන් ඇති කරගනිමින් පියතුමා රැඳි සිටින ස්ථානයන් පිළිබඳව මෙන්ම එතුමාව නිදහස් කර ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන් බව වාර්තා වේ.

ඉදිරි දින කීපයේදී පියතුමා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර කවර කණ්ඩායමක් තමන්ව පැහැර ගත්තාද යන්න ප්‍රකාශ නොකළ බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.  

“මට ගොඩක් සතුටුයි, ටෙම් උෂුනාලිල් පියතුමාව බේරගන්න ලැබීම ගැන’’ යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍ය, සුෂ්මා ස්වරාජ් සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS