පැල මිලියන 10ක් හිටුවයි



සෞදි අරාබිය ගස් මිලියන දහයක් සිටුවීමට ඉදිරියේදි කටයුතු කරන බව වාර්තා වේ.

කාන්තාරකරණය අවම කිරීමේ අරමුණින් 2021 අප්‍රේල් මාසය අවසන් වනවිට ගස් මිලියන දහය සිටුවා අවසන් කිරීමට සැළසුම් කර ඇති බව පරිසර අමාත්‍ය, අබ්දුල් රහ්මාන් අල් ෆැඩ්ලි ප්‍රකාශ කරනවා.

ගස් මිලියන 10ක් සිටුවිමේ ව්‍යාපාරය “අපි එය හරිත කරමු.’’ යනුවෙන් නම් කර ඇති අතර, 2020 ඔක්තෝබර් 10 සිට පැළ සිටුවීම ආරම්භ කරයි.

හරිත ව්‍යාපාරය 2021 අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

කාන්තාරකරණයේ බලපෑම අවම කිරීම, ස්වාභාවික වාසස්ථාන සංවර්ධනය කිරීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම හරිත ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS