පැරැදුණු ත්‍රස්තයන්ට ඇමෙරිකාවේ පුහුණුව



සිරියානු රජයේ හමුදා විසින් පරාජය කරනු ලැබීමෙන් පසු පලාගොස් දේශසීමා ප්‍රදේශවල සැඟවී සිටින ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඇමෙරිකාවෙන් පුහුණුවක් ලැබෙන බවට තමන්ට වාර්තා වී ඇතැයි රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් කියයි.

මෙම පුහුණුව ලබා දෙන්නේ ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් යැයි ද පුටින් පෙන්වා දෙයි. මෙම ත්‍රස්වාදීන් සිරියානු රජය පෙරළා දැමීමට අවි අතට ගත් විපක්ෂ ක්‍රියාකාරීන් යැයි ද රුසියානු රජය විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත.

සිරියානු සිවිල් යුද්ධයේදී රුසියාව සහාය දැක්වූයේ සිරියානු රජයටය. ඒ අනුව, සිරියානු රජය අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් පරාජය කළේය.

අද වනවිට රුසියානු හමුදා සිරියාවෙන් ඉවත් වී සිටී. ඇමෙරිකාව තවදුරටත් සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට සහාය දක්වමින් ඔවුන්ට පුහුණුවක් දෙන්නේ නම් යළි සිරියානු සටන් බිමට තම හමුදා යවනවා යැයි රුසියානු ජනපති පුටින් පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS