පැය12 ක් තිස්සේ බෝම්බ දමලා



සිරියාවේ රෝහල් 4 කට රුසියන් ගුවන් හමුදාව පැය 12 ක් පුරාවට බෝම්බ හෙලා ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම බෝම්බ හෙලීම සිදුවී ඇත්තේ පසුගිය මැයි මාසයේය. මෙම රෝහල් පිහිටා ඇත්තේ සිරියානු රජයට විරෝධය දක්වමින් සටන් වදින කැරැලිකරුවන්ගේ පාලනය ප්‍රදේශවල යැයි ද පැවැසෙයි.

සිරියානු අර්බුයේ දී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. රුසියාව රෝහල් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලා ඇත්තේ පසුගිය මැයි 5 වැනිදා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත එළිදැක්වූ එම වාර්තාවේ සඳහන් වෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS