පැය තුනක වැඩ තහනමක්



පැය 3 ක කාලයක් (ප:ව12.30 සිට ප:ව 3.30) එළිමහනේ වැඩ කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජුනි මස 01 දින සිට අගෝස්තු 31 දින දක්වා තහනම ක්‍රියාත්මක වන අතර කම්කරු නීති පනතේ 16වැනි වගන්තියට අනුව අදාල තහනම පනවා ඇත.

ඉදිරියේදී අතිවන දැඩි උෂ්ණ කාලගුණික තත්ත්වය හා හිරු රශ්මිය ඍජුව එල්ලවීම නිස සේවකයින්ට ඇතිවය හැකි අනතුරු අවම කරගැනීම සැළකිල්ලට ගෙන අදාල තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශය සඳහන් කරයි. 

අදාළ තහනම සම්බන්ධයෙන් සියළුම ආයතන දැනුවත් කර ඇති අතර තහනම උල්ලංඝනය කරන ආයතන වලට එරෙහිව විශාල දඩ මුදලක් අයකරනු ලැබේ.

දෙවන වතාවටත් එම තහනම උල්ලංඝනය කළහොත් දඩ මුදල දෙගුණ වන බව මිනිස් බල අමාත්‍යාංශයඅවධාරණයෙන් යුතුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS