පැය 4 ට 1000 ලියාපදිංචි වෙලා



එමිරේට්ස් ගගනගාමී වැඩසටහනේ දෙවන අදියරයට පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් පැය හතරක කාලයක් තුල ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

ගගනගාමී වැඩසටහනට සම්බන්ධ වීමට තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන බව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජනරාල්,සලීම් අල්-මෙරි ප්‍රකාශ කළේ ය.

අවසාන පරීක්ෂණයට පෙර අයදුම්කරුවන්ට පරීක්ෂණ කීපයකට සහභාගි වීමට සිදුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS