පැය 24 ක් ඇතුළත ආසාදිතයෝ 1000 ක්



ගතවුණු පැය 24 ඇතුළත ලෙබනනයෙන් කොරෝනා ආසාදිතයන් 1,006 දෙනකු හමුවුණු බව සෞඛ්‍ය අංශ පවසයි.

ලෙබනනයෙන් පැය 24 ක් ඇතුළත හමුවුණු වැඩිම ආසාදිතයන් ගණන මෙයයි. ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 11 ක් ද වාර්තා විය. ලෙබනනයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරියේය. මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 29,303 ක් වන අතර මරණ වාර්තා වන්නේ 297 ක් ලෙසිනි.

ලෙබනනයේ කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම ඇරැඹුණේ පසුගිය අගෝස්තු 4 වැනිදා ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ බිහිසුණු පිපිරුමෙන් පසුවය. පිපිරුමට හසුවී නිවාස දහස් ගණනක් විනාශ වූ අතර නිවාස අහිමිවූවන් රැඳී සිටින්නේ කූඩාරම්වලය. එය වයිරස ව්‍යාප්තියට රුකුළක් වූ බව ලෙබනන් සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS