පැමිණෙන අයට නිරීක්ෂණ උපකරණයක්



විදේශීය රටවලින් අබුඩාබි ගුවන්තොටුපොලට පැමිණෙන ගුවන් මඟීන්ට නිරීක්ෂණ උපකරණයක් පැළඳීමට සිදු වන බව වාර්තා වේ.

නිරෝධායන කාලය අවසන් වන තෙක් නිරීක්ෂණ උපකරණය පැළඳ සිටීමට සිදු වන බව එතිහාඩ් ගුවන් සමාගම පවසනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට පටන් ගත් දින සිට මේ දක්වා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළම මට්ටමට පත්වි ඇත.

සමාජ දුරස්ථභාවය අනුගමනය නොකරන පුද්ගලයින්ට නිලධාරීන් දොස් පවරන බව වාර්තා වේ.

ඉහළ අවදානමක් ඇති රටවලින් පැමිණෙන අයට රජයේ ස්ථානයක නිරෝධායනය වීමට සිදුවනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS