පාසල්වල හදිසි වැටලීම්



කුවේටයේ ඇති පෞද්ගලික පාසල් පරීක්ෂා කිරීම සඳහා හදිසි වැටලීම් සිදුකිරීමට කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පෞද්ගලික පාසල් අංශයේ අවධානය යොමු වී ඇති බව අල්-රායි ඩේලි වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය පනවා ඇති නීතිරීති උල්ලංඝනය කරන පෞද්ගලික පාසල්වලට එරෙහිව නීතිමගින් කටයුතු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

සියලුම පෞද්ගලික පාසල්වල සංචාරය කිරීමෙන් අනතුරුව හදිසි වැටලීම් සිදු කරන බවත් නීතිරීති උල්ලංඝනය කර ඇති පෞද්ගලික පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(අරාබ් ටයිම්ස් ඔන්ලයින්)


RECOMMEND POSTS