පාසල් විවෘත කරන්නේ නෑ - අමාත්‍යාංශය කියයි



ඕමානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගියහොත් පාසල් යළි විවෘත නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගැනීමේදි පාසල් යළි විවෘත කිරීම කාලෝචිත පියවරක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපලේකම්, වෛද්‍ය මොහොමඩ් අල් හොස්නි පවසනවා.

පාසල් වසා දැමීමට අවශ්‍ය නම්, දුරස්ථ අධ්‍යාපනය සහ රූපවාහිනී නාලිකා හරහා ඉගෙනීමේ කටයුතු සඳහා දරුවන්ට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS