පාසල් බෑගයේ බර අඩුවෙයි



පාසල් සිසුන් රැගෙන යන බෑගයේ බර සියයට 30 කින් අඩු කිරීමට එමිරේට් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මුල් අදියරයේදි, සාම්ප්‍රදායික පොත් වෙනුවට පරිසර හිතකාමී පොත් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.

සාම්ප්‍රදායික පොත් මුද්‍රණය කිරීම සඳහා යන මුදලින් සියයට විසිතුනක් (23%) පරිසර හිතකාමී පොත්භාවිතා කිරීමෙන් අඩුකරගැනීමට හැකියාව ලැබෙන බවත්, පරිසර හිතකාමී පොත් මිලියන 9.7ක් දෙවන පාසල් වාරය සඳහා මුද්‍රණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පරිසර හිතකාමී පොතකින් වතුර ලීටර් 25 ක්, විදුලි පරිභෝජනය කිලෝවෙට් 5ක්, දැව කිලෝග්‍රෑම් 2.5ක් ඉතිරි කරගැනීමට හැකි වන බවත්, කාබන් ඩයොක්සයිඩ් කි.ග්‍රෑ 0.1 කින් අඩු කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS