පාසල් බස්රථවලට අරක්ෂිත උපකරණ



ඕමානයේ දකුණු දිග සාකියා අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ 296කට ආරක්ෂිත උපකරණ සවිකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඕමාන් එල්.එන්.ජී සමාගම අදාල ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදෙන බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජි.පි.එස් තාක්ෂණය, බස්රථය පණගැන්වීම සහ නැවැත්වීම, අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සහ තවත් පහසුකම් කීපයක් සවිකරණ උපකරණයට අයත් වේ.

අදාල ව්‍යාපෘතිය මඟින් පාසල් සිසුන් 12,000ක් ආවරණය කිරීමට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්) 


RECOMMEND POSTS