පාසල් පෙබරවාරි 14 වැනිදා ඇරඹේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රජයේ පාසල් පෙබරවාරි 14 දින ආරම්භ කරන බව වාර්තා වේ.

පාසල් අධ්‍යාපනය සඳහා වන එමිරේට්ස් පදනම සමඟ සම්බන්ධීකරණයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පුරා ඇති රජයේ පාසල්වල සියලුම වසරවල් පියවරෙන් පියවර ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

පාසල් වර්ෂය අවසානය දක්වාම ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS