පාසල් ගාස්තු වලට වැට්



සෞදි අරාබියේ පෞද්ගලිය අංශය මඟින් පවත්වා ගෙන යනු ලබන පාසල් වල පාසල් ගාස්තු සඳහා වැට් බදු හඳුන්වා දී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඒ අනුව වාරයකට ගෙවනු ලබන පාසල් ගාස්තු වලට අමතරව 5% ක මුදලක් වැට් බදු වශයෙන් ගෙවීමට දෙමාපියන්ට සිදු වන බව සෞදි අරාබියානු සකාත් සහ ආදායම් බදු සාමාන්‍යාධිකාරි කාර්යාලය ප්‍රකාශ කළේය.

අදාල 5% බදු මුදල පාසල හෝ ශිෂ්‍යයින් ගෙවනවාද යන්න තවම තීරණය කර නොමැති බව සෞදි අරාබියානු සකාත් සහ ආදායම් බදු සාමාන්‍යාධිකාරි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS