පාලමක එල්ලෙමින් සිටි දෙදෙනෙක් මුදාගෙන



කුවේට් නගරයේ අධිවේගි මාර්ගයක පාලමක එල්ලෙමින් තිබු මෝටර් රථයක සිටි කුවේට් ජාතිකයින් දෙදෙනෙකු මුදාගත් බව අල්-අන්බා පුවත්පත වාර්තා කළේය.

අධිවේගි මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ගමන් ගත් වෙනත් මෝටර් රථයක ගැටි මාර්ගයෙන් ඉවතට විසි වී පෙරළි ගොස් පාළමේ එල්ලෙමින් තිබි ඇත.  

මෝටර් රථය තුල තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනාව රෝහල් ගත කිරීමට මුදවා ගැනීමේ කණ්ඩායම් පියවර ගත් අතර  ආසන බඳපටි පැලද සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ජිවිත ආරක්ෂා වු බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS