පාලකයාගේ දියණිය රහසේම හිරේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ දළදඬු පාලනයෙන් මිදී රටින් පිටවීමට උත්සාහ ගත් වරදට එරට උප ජනාධිපති, අගමැති පමණක් නොව ඩුබායි හි පාලකයා ද වන ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මොක්ටුම්ගේ දියණිය ලතීෆා පසුගිය වසර කිහිපයේ රහසේ සිරගත කරනු ලැබ සිටියේ යැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

33 හැවිරිදි ෂෙයික් ලතීෆා ප්‍රංශ රහස් ඔත්තු සේවා නිලධාරියකුගේ ද සහාය ඇතිව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් බලා යෑමට තැත් කරද්දී ආරක්ෂක අංශ විසින් අල්ලා ගනු ලැබුණු බව ද පැවැසෙයි. ඉන්පසු වසර තුනක් සහ මාස 4 ක් ඇය සිරගත කෙරුණු අතර ඇය මානසික රෝගියකු සේ සළකා ප්‍රතිකාර ලබා දීම ද සිදුවී ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS