පාලක පවුලේ සමාජිකයෙකුට සිරදඩුවමක්



කුවේට් අමීර්වරයාට ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කරමින් අපහාස කිරීම හේතුවෙන් පාලක පවුලේ සාමාජිකයෙකු වන ෂේක් අබ්දුල්ලා අල්-සෙල්ම් අල්-සබාට එරෙහිව ලබා දී තිබු වසර 3ක සිර දඩුවමක් කුවේට් අභියාචනාධිකරණය මගින් තහවුරු කළ බව අල්-කබාස් පුවත්පත වාර්තා කළේය.

කුවේට් අපරාධ අධිකරණය මඟින් පසුගිය සැප්තැම්බර් මාසයේ නියම කර තිබු දඩුවමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගෙනු කිරීමටෂේක් අබ්දුල්ලා අල්-සෙල්ම් අල්-සබා කටයුතු කළේය.  

කුවේට් අමීර්වරයාට අපහාස කිරීමේ නඩුව ගොනු කරනු ලැබුවේ හිටපු අගමැතිවරයෙකු වන නසීර් අල්- මෙහොමඩ් සහ කැබිනට් කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති, ෂයික් මොහොමඩ් අල්-අබ්දුල්ලා විසින්ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                    

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS