පාලක පවුලේ අයෙක් මරුට



කුවේට් පාලක පවුලේ සාමාජිකයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව කුවේට් මාධ්‍යය වාර්තා කළේය.

අල්- සල්මි අධි-වේගි මාර්ගයේ අධික වේගයකින් මෝටර් රථයධාවනය කර ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගොස් අනතුරු සිදු වී ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

පාශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මෘතදේහය රෝහල වෙත රැගෙන ගිය බවත් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු දාහතක් වන බව පොලීසිය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS