පාර්සල් දැඩි පරීක්ෂාවකට



කුවේටයට ලැබෙන පාර්සල් දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තුර්කිය,ලෙබනනය, සිරියාව, චීනය, ඉරානය, සහ තායිලන්තය යන රටවල්වලින් කුවේටයට ලැබෙන පාර්සල් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට කුවේට් රජය පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාර්සල් භාවිතා කරමින් අධික ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරිමේ අරමුණින්ඉහත සඳහන් කර ඇති රටවල්වලින් ලැබෙන සියළුම පාර්සල් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට කුවේට් රජය රේගුවට නියෝග කර ඇත.

විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගැනීමට කුවේට් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගියා දා සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS