පාර්සල් 10,000ක් යේමනයට



රාමසාන් මාසය උදාවීම නිමිත්තෙන් යුද්ධයෙන් අනාථ වී යේමන සොකෙට්‍රා ආණ්ඩුකාර ප්‍රදේශයේ ජීවත්වන සාමාන්‍ය වැසියන් 50,000කට වැඩි පිරිසකට බෙදාදීම සඳහා ආහාර පාර්සල් 10,000ක් යේමනයට යැවීමට කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් පදනම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එක් පාර්සලයක පිටි, සීනි, සහල්, තෙල්,තක්කාලි පේස්ට්,ඔලිව් තෙල්,තේ කොළ,පරිප්පු, කිරිපිටි සහ අත්‍යාවශ්‍ය ආහාර කීපයක් අඩංගු කර ඇත.

යේමන ජනතාවගේ මුලික අවශ්‍යතාවයන්සපුරාලීම සඳහාත් දෙරටෙ ජනතාව අතර සහෝදරත්වය වර්ධනය කිරීම සඳහා එමිරේට්ස් ජනාධිපතිවරයා කැමැත්තෙන් පසුවන බව කලීෆා පදනමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS