පාර්ලිමේන්තුවේ සෙල්ෆි උම්මාදයක්



ඉරාන ජනාධිපති හසන් රොව්හානිගේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම පසුගිය සති අන්තයේ සිදුවුණු අතර, විශේෂ ආරාධිත අමුත්තියක ලෙස යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබද ප්‍රධානී ‍‍ෆෙඩ්රිකා මොග්හෙරීනි ඊට සහභාගී වූවාය.

දෙවැනි ධුර කාලය සදහා දිවුරුම් දී සිටි හසන් රොව්හානි හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ‍‍ෆෙඩ්රිකා මොග්හෙරීනි තෙහෙරාන් අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය බලා පැමිණියාය.

රොව්හානිගේ නව රජයේ ඇමැති මණ්ඩලයෙන් ඇයට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමක් විය. රොව්හානිගේ ඇමැති මණ්ඩලයේ කිසිදු කාන්තා නියෝජනයක් ද නොමැත. එහෙයින් ෆෙඩ්රිකාගේ පැමිණීම සුවිශේෂී සිදුවීමක් ද විය.

ෆෙඩ්රිකා මොග්හෙරීනිගේ ඉරාන සංචාරය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක අල් කොමේනිගේ හෝ උත්තරීතර පාලක මණ්ඩලයේ හෝ පැහැදීමක් නොතිබුණු නමුත් පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමැතිවරු ෆෙඩ්රිකා ගැන ලොකු උනන්දුවක් දක්වන්න වූහ.

ෆෙඩ්රිකා මොග්හෙරීනි ඉතාලි ජාතික කාන්තාවක වන අතර ඇය දුටු මැතිඇමැතිවරු ඇය සමග සෙල්ෆි ඡායාරුපවලට පෙනී සිටීමට පොරකන්න පටන් ගත්හ.

ඉරාන මැතිඇමැතිවරුන් මේ අයුරින් සෙල්ෆි උම්මාදයකින් මෙලෙස හැසිරීම ඔවුන්ගේ ගරුත්වයට හානියක් බවත්, එය ඉරානයට සිදුවුණු නිගරුවක් බවත් උත්තරීතර නායක අල් කොමේනී පවසා ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS