පාර්ලිමේන්තු ඡන්දය ඇරැඹේ



ඉරාකයට අයත් කුර්දිස්තාන පළාතේ පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි.

කුර්දිස්තාන පාර්ලිමේන්තුව ආසන 111 කින් සමන්විතය. මෙය ප‍්‍රාදේශීය පාර්ලිමේන්තුවක් වන අතර, ඊට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණය හරහා සිදුවෙයි.

ආසන 111 න්, ආසන පහක් සුළුජාතික ටර්ක්වරුන්ට, තවත් පහක් කි‍්‍රස්තියානුවන්ට සහ එක් ආසනයක් ආමේනියනුවන්ට වෙන් වෙයි. සෙසු ආසන බහුකරය වන කුර්දි වැසියන් නියෝජනය කරන නියෝජිතයන් වෙනුවෙනි.

අද දිනයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට මිලියන 3.1 ක පිරිසක් සුදුසුකම් ලබා තිබුණැයි මැතිවරණ බලධාරීහු පවසා සිටියහ.

කුර්දිස්තානයේ බලයේ සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ දේශපේ‍්‍රමී පෙරමුණ පක්ෂය සන්ධානගත වෙමිනි. ප‍්‍රබල විපක්ෂ දේශපාලන කණ්ඩායමක් නොමැති බැවින් අගමැති බර්සානීට යළි ජන වරමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS