පාර මැද්දේ යාච්ඤා කළොත් දඬ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මාර්ගයන් දෙපස වාහන නතර කර යාඥා කටයුතු සිදු කරන රියදුරන්ට එරෙහිව එමිරේට් ඩිරාම් 500ක දඩ මුදලක් අයකරන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විශේෂයෙන් අධිවේගි මාර්ගයන් දෙපස වාහන නවතා යාඥා කටයුතු සිදු කිරීම හේතුවෙන් මාරක අනතුරු සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින නිසා මාර්ගයන් දෙපස වාහන නතර කිරීම වැලැක්වීමේ අරමුණින් දඩ මුදලක් අයකිරීමට තීරණය කළ බව ඩුබායි පොලිස් රථවාහන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් සයිෆ් මුහයිර් අල්-මස්රුයි ප්‍රකාශ කළේය.

අධිවේගි මාර්ගයන් දෙපස වාහනය නවතා යාඥා කටයුතු සිදු කිරීම පිළිගත නොහැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS