පාප්තුමා ’ඌර්’ නගරය බලන්න යනවා



ඉරාකයේ සංචාරයකට පැමිණ සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, 'ශිෂ්ටාචාරයේ ආරම්භය' ලෙස සැලකෙන ඉරාකයේ 'ඌර්' නගරයේ සංචාරය කිරීමට නියමිතය.

'ඌර්' නගරය පිහිටා ඇත්තේ 'දී කාර්' පළාතේය. 'දී කාර්' ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර සිට කිලෝ මීටර් 3,000 ක් දුරිනි.

ඈත අතීතයේ ඉරාකය හැඳින්වූයේ මෙසපොතේමියාව යනුවෙනි. වසර 6,000 කට පෙර, ලොව මුලින්ම ආරම්භ වූ ශිෂ්ටාචාරයක් ආරම්භ වූයේ 'ඌර්' නගරය කේන්ද්‍ර කොට ගනිමිනි. 'ඌර්' නගරය 'ටාල් අල් මුකයීර්' යනුවෙන් ද හැඳින්වෙයි. මෙය අද ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයකි.

(අල් ජසීරා)


RECOMMEND POSTS